NEWS

“මට ලොකු ටෝක් දෙන්න එපා.මම තොත්ත බබෙක් නෙවෙයි “-ඇමති විමලවීර වනජීවියට සද්දෙ දැමූ හැටි (VIDEO)

ඇමැති විමලවීර දිසානායක වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියකට විරෝධය දක්වා වනජීවී නිලධාරීහු අද (27 වැනිදා) අසනීප නිවාඩු වාර්තා කර සංකේත වැඩ වර්ජනයක නිරතවීමට නියමිතය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට සහ ගවයින් මුදා හැරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා තඹාල සහ වෙහෙරගොඩයාය පදිංචිකරුවන් ඉල්ලා සිටි අවස්ථාවක වනජීවී නිලධාරීන්ට බැණ වැදී ඇතැයි පැවසේ.

ඇමැති විමලවීර දිසානායක ඊයේ (26 වැනිදා) එම ප්‍රදේශයට ගියේය. එහි දී ප්‍රදේශවාසීන් රාජ්‍ය ඇමැතිවරයා හමුවේ දිගින් දිගටම කියා සිටියේ ජාතික උද්‍යානයට ගවයින් මුදා හැරීමට අවස්ථාව ලබාදෙන ලෙසය. නමුත් නවජීවී නිලධාරීහු ඊට විරෝධය දැක්වූහ. මේ අයටත් හරක් දාන්න අවස්ථාවක් දෙන්න යැයි ඇමැතිවරයා නිලධාරීන්ට කීවේය. මේක ජාතික රක්ෂිතයක් ලෙස ගැසට් කරලා තියෙන්නේ. ජාතික රක්ෂිතයකට හරක් දාලා මිනිස් ක්‍රියාකාරකම්වලට ඉඩදෙන්න බෑ. යැයි වනජීවී නිලධාරීහු ඇමැතිවරයාට පැවසූහ.

ඉන් ඇමැතිවරයා දැඩි ලෙස කිපී, ‘‘ඔයා හිතුවේ මම තොත්ත බබෙක් කියලාද. මිනිස්සුන්ගේ ප්‍රශ්නත් විසඳන්න ඕනේ. යැයි කියමින් වනජීවී නිලධාරියකුට බැණ වැදී ඇතැයි පැවසේ.

වසරකට නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක් අලි ගහලා, වෙඩි වැදිලා මියයනවා. හරක් දාන්න ජාතික රක්ෂිතයක් දෙන එක අපරාධයක්. අපි ඉන්නේ මේවා ආරක්ෂා කරන්න. යැයි වනජීවි නිලධාරීහු මෙහි දී ඇමැතිවරයාට පවසා ඇතැයි කියැවේ. එහි දී ‘‘ලොකු ටෝක් දාන්න එපා. තමුසේ ලොක්කෙක්ද’’ යනුවෙන් ඇමැතිවරයා වනජීවී නිලධාරීන්ට බැණ වැදුණු බව ඔවුහු පවසති.

මෙලෙස ප්‍රදේශවාසීන් ඉදිරියෙ බැණවැදීමේ සිද්ධියට වි​රෝධය පළකරමින් වනජීවී නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිත බව කියයි.

මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීමට රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු දේශපාලනඥයින් කටයුතු සැලැසුම් කිරීම පිළිබඳව සිය විරෝධය දක්වන බවද වනජීවී නිලධාරීහු පවසති.

වීඩියෝව මෙතනින් – https://youtu.be/HtI0NJ_GTUM

සාලිය කුමාර ගුණසේකර, සුනිල් රූපසිංහ – පල්ලේපොල
•බණ්ඩාර මුදියන්සේ – පොළොන්නරුව, සිතාර ඉරාෂ් – වටවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *