NEWSSPORTS

සුපිරි ඕවරය දක්වා ගිය පලමු LPL තරඟය Colombo Kings ජයගනී

LPL තරඟාවලිය ආරම්භ කරමින් පැවති ප්‍රථම තරඟය ලකුණු සම වීමෙන් පසුව පැවති සුපිරි පන්දු වාරයෙන් ජය ගැනීමට colombo kings කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනාගත් කලම්බු කින්ග්ස් කණ්ඩායම තීරණය කලේ ප්‍රථමයෙන් පන්දු යැවීමයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි kandy tuskers කණ්ඩායම ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කලා.

අර්ධ ශතකයක් ලබා ගත් ඇෆ්ගන් ආරම්භක පිතිකරු Rahmullah Gulbas (53) සහ නායක කුසල් ජනිත් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර ඉන් පසුව එක් වූ කුසල් මෙන්ඩිස් ලකුණු 30 ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුව ඉතා දක්ෂ ලෙස රැක ගැනීමට චන්දිමාල් සමත් වූ අතර ඉන් පසුව පිටියට පිවිසියේ අසේල ගුණරත්න යි.

නායක කුසල් ජනිත් සිය ශතකය පෙනි පෙනී අවසන් පන්දු වාරයේදී දැවී ගියේ ලකුණු 87 කටයි.

අසේල ගුණරත්න ද ලකුණු 33 ක් රැස් කල අතර පන්දු වාර 20 අවසානයේදී ඔවුන් ලකුණු 219 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි colombo kings කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් වේගවත් ලකුණු 79 ක් ලබා ගත්තේ colombo kings කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන යමින්.

එහෙත් ඔහුගේ දැවී යාමත් සමඟ තවත් කඩුලු දෙකක් දැවී ගිය අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද දැවී ගියේ ලකුණු 2 කටයි.අශාන් ප්‍රියන්ජන් ලබා ගත්තේ ලකුණු 07 ක් පමණයි.

ඇන්ඩෘ රසල් ප්‍රහාරාත්ම ඉණිමක් දියත් කල අතර ඔහුව ලකුණු 24 කට දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වුනා.

එහෙත් ඉසුරු උදාන වේගයෙන් පන්දුවට පහර දුන් අතර අවසන් පන්දුවේදී ලකුණු සම වූවා.

ඉන් පසුව සුපිරි ඕවරය ක්‍රියාත්මක වූ අතර එහිදී colombo kings කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි ඉසුරු උදාන ලකුණු නොලබා දැවී ගියා.ඇන්ඩ්‍ර් රසල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එකතුව සුපිරි පන්දුවාරයේදී ලකුණු
16 ක් රැස් කලා.

ඒ අනුව ලකුණු 17 ක ඉලක්කයක් හඹා යාමට kandy tuskers කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ කුසල් ජනිත් සහ Rahmullah Gulbas .

ඔවුන් දෙදෙනාට එම පන්දුවාරය තුල ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 13 ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *