“ජනතාවට සහන නොදුන් නිසා අයවැයට සහයෝගයක් නෑ” – නාමල් රාජපක්ෂ

මෙවර අයවැය යෝජනාවලින් ජනතාවට සහන ලබා දී නොමැති නිසා අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී තමන් ඡන්දය දීමෙන් වැලකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මෙවර අයවැයේ ඇතැම් යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි යෝජනා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
තමන් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පෙනී සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මෙම අදහස් පළ කෙරුණේ අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.