චෝදනා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්න සූදානම් – රංජිත් බණ්ඩාර

තමන්ට එරෙහිව විපක්ෂයෙන් නගා ඇති චෝදනාවලට තමන් වැරදිකරු බව ඔප්පු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසනවා.
ඒ, අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
කෝප් කමිටුවේ සභාපතිවරයෙකු විසින් පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික බලපෑම් සිදු කර ඇති බවට මන්ත්‍රී හේෂා විතානගේ විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී හෙළි කෙරුණා.
කෙසේ වෙතත් තමන්ට එල්ල කර ඇති චෝදනා ඔප්පු කිරීමට නොහැකි වුවහොත් තමන්ට චෝදනා එල්ල කළ පාර්ශ්වයට දඬුවම් ලබා දිය යුතු බවයි රංජිත් බණ්ඩාර කියා සිටියේ.