පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික බලපෑම් කළේ හස්ත සංඥා සභාපති ද? හේෂා හෙළි කරයි

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික බලපෑම් කළ කෝප් කමිටු සභාපතිවරයෙකු පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කෙරුණා.
කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ මෙම සිද්ධියට වත්මන් සභාපතිවරයා සම්බන්ධ බවයි.
“මම සදාචාරත්මක ව මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් එක්ක ඕකත් අර ඇඟිල්ල කටේ තිබ්බ මහත්තයා ගේ ඇඟට දාන්න බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවදානයට යොමුකරන්න මේක කිව්වේ. මේකට වර්තමාන සභාපතිවරයා සම්බන්ධයි”
කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරයි.