“රට බංකොලොත් කළ රාජපක්ෂලාගෙන් වන්දි ගන්න වැඩපිළිවෙලක් හදනවා” විපක්ෂ නායක සජිත්

රට බංකොලොත් කළ රාජපක්ෂලාගෙන් වන්දි අය කර ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ, ඊයේ (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
රට බංකොලොත් කළ පුද්ගලයින් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබා දී ඇති පසුබිමක, ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමේ හැකියාවක් ඇති බවයි විපක්ෂනායකවරයා කියා සිටියේ.