නිවාස සිහින පෙන්වා මුදල් ගරන ආයතනයක් ගැන හෙළිදරව්වක්

නිවාස කඩා ඉවත් කිරීමේ කටයුතු කරන පුද්ගලයෙකු විසින් සිය ගනුදෙනුකරුවන් රවටමින් කරනු ලබන වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පිහිටා ඇති ‘NS Construction’ නමින් ආයතනයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා විසින් නිවාස, ගොඩනැඟිලි කඩා ඉවත් කිරීම්, ඉඩම් ගොඩ කිරීම් හා පිරිසිදු කිරීම් සිදු කරන බව පවසා අත්තිකාරම් මුදල් ලබාගෙන අතරමග නවතා දැමීම සහ ඒ හරහා වංචා සිදු කරන බවටයි වාර්තා වන්නේ.
මේ ආකාරයෙන් මෙම වංචාවට බොහෝ දෙනෙකු හසු වී ඇති බැවින් මෙවැනි වංචාකාරී පුද්ගලයින් සහ ආයතන වලින් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය කරුණක්.