ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක් එළිය⁣ට!

මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන නුවන් ගම්මම්පිල විසින් මෙ⁣වර ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා.

ඒ, “දෙබරෙට ගල්” යන ශීර්ෂය යටතේයි.

එම සටහන පහතින්.

“ප්‍රශ්නය 01 – ශ්‍රීලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයට පෙර දින මැදියම ආසන්නයේ ලක්නව් වල ආපනශාලාවක සිටි ක්‍රීඩකයන් කවුද ?
ඔවුන් නෙදර්ලන්ත තරගයේදී දැක්වූ දක්ෂතා මොනවාද ?

සාක්ෂි 01 – අදාල ආපනශාලාවට ඒ මොහොතේ යනව මේ රටේ මාධ්‍යවේදීයෙක්. ඒ මාධ්‍යවේදීයා අදාල ක්‍රීඩකයන් ගෙන් අහනව ඇයි ඔයාල මැච් එකට කලින් දා රෑ මෙතන කියල . ක්‍රීඩකයන් කියනව කන්න ආව කියල . මාධ්‍යවේදිය අහනව ඔයාලගෙ හෝටලේ කන්න නැද්ද කියල

ප්‍රශ්නය 02 – තමා රැදීසිටින මුම්බායි හෝටලයට එන්නේ නම් ඉන්දියානු ශ්‍රිලංකා තරගෙයේ ටිකට් පත් ලබාදෙන බවට සදහන් කරමින් මෙරට තරුණියන්ට කෙටි පණිවිඩ එවූ ක්‍රිඩකයා කවුද ?

සාක්ෂි 02 – අදාල සිදුවීම ආරංචිවෙන මාධ්‍යවේදියෙක් එම ක්‍රීඩකයාගේ අම්මට කතාකරල කියනව මේ වැඩේ නවත්තන්න කියන්න කියල .

ප.ලි –

01 පැරදුනාම අනං මනං හොයනව කියල කෙනෙක් හිතනව නම් , ඔව් ඒ නිසා තමයි හොයන්නෙ
02 ක්‍රිකට් බෝඩ් , icc , ආණ්ඩුව මොනව කලා කිව්ව්ත් ගහන්න ගියපු එවුන් හරියට ගහන්න ඕන.
එච්චරයි

ස්තුතිය – අතේ සල්ලි වලින් තරග වාර්තා කරන්න ගිහින් මලවිකාර දැකල ඒව බලාඉන්න බැරිකමට කතාකරල කියන මාධ්‍යවේදී හිතවතුන්ට.

– නුවන් ගම්මම්පිල”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button