කෝටියක අල්ලසක් ගනිද්දී පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ව්‍යාපෘතියක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දීම සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී.
පාරිසරික ඉංජිනේරුවෙකු සහ ජෛව විද්‍යාඥයෙකු වන ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබුවේ පසුගිය වසරේයි.