අස්වැසුම අද නෙවෙයි හෙට – දෙවැනි වටයේ ප්‍රතිලාභීන්ට කුඩම්මාගේ සැලකිලි!

අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් රජය මගින් ක්‍රියාත්මක කළ ‘අස්වැසුම’ ප්‍රතිලාභ වැඩසටහනේ අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු වැඩසටහනට ඇතුළත් කළ පිරිසෙන් බහුතරයකට තවමත් එකදු මාසික ප්‍රතිලාභයක්වත් ලැබී නොමැති බව වාර්තා වනවා.

ප්‍රතිලාභ ලැබීමට සුදුසු පවුල් සොයා දිවයින පුරා ක්‍රියාත්මක කළ සමීක්ෂණයේ අඩුපාඩු සහ අක්‍රමිකතා හේතුවෙන් ඒ සඳහා අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට අවස්ථාව උදා කර තිබුණේ මතු වූ දැඩි මහජන විරෝධය හමුවේයි.

කෙසේ වෙතත් මාස 3 කට වඩා ගත වී ඇතත් තවමත් ප්‍රතිලාභ නොලැබීමෙන් තමන්ට දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි ප්‍රතිලාභ අපේක්ෂිත ජනතාව කියා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button