වැටුණු ක්‍රිකට් ගොඩගන්න අතුරු කමිටුවක් – අර්ජුන සභාපති ධුරයට

1973 අංක 25 දරන ක්‍රීඩා නීතිය මගින් අමාත්‍යවරයාට ලබා දී ඇති බලය යටතේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කර තිබෙනවා.
1) ගරු. S. I. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
2) ගරු. රෝහිණී මාරසිංහ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
3) ගරු. අයිරාංගනී පෙරේරා, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු
4) අර්ජුන රණතුංග මහතා (සභාපති)
5) උපාලි ධර්මදාස මහතා
6) නීතිඥ රඛිත රාජපක්ෂ මහතා
7) හිෂාම් ජමාල්ඩීන් මහතා