“අපි කන්නෙ ඔබතුමන්ලගෙ ඒවත් එක්ක” – ඉත්තෑකන්දේ හිමියන්ගෙන් රාජපක්ෂවරුන්ට පාඩමක්

රටේ ආර්ථික පරිහානියට තමන් වහන්සේලාද වගකිව යුතු බව රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

ඒ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 07 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයට එක් වෙමින්.

“මිනිස්සු අවංකව බලය දෙන්නෙ රට හදන්න. ඒවා ඉෂ්ඨ කරන්න බෑ කියලා හිතෙනවා ඒකට නෑවිත් එන්න එක තමයි හොඳම කාරණාව. ඒකට ඇවිල්ලා අතරමඟ දාලා ගිහිල්ලා ඊට පස්සෙ වෙන දේවල් වලට මේ අහිංසක මිනිස්සුන්ට වගකියන්න බෑ.

දැන් තව ටික දවසක් යනකොට දිව්‍ය ලෝකෙ යන්න පින් කරන්න ඕන නෑ. කාංචනගෙ විදුලි බිලේ එල්ලිලා යන්න පුළුවන්.

සිරිසේන හොඳ වුණා නම් අපි ගෝඨාභය ගේ⁣න්නෙ නෑ. හැබැයි අපිට ගහන්නෙ පොදුවෙ. අපි හාමුදුරුවරු නෙවෙයි රාජපක්ෂ නිකායෙ කට්ටිය හැටියට ගහන්නෙ. අපි කන්නෙ ඔබතුමාලගෙ ඒවත් එක්ක.”

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ⁣ගෝඨාභය රාජපක්ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button