රයිස්, කොත්තු මිලත් ඉහළට!

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සහල්, එළවළු, කුකුළු මස්, සීනි සහ කුළුබඩු මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි එම සංගමයේ සභාපතිවරයා අද මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ.
ඒ අනුව කෑම පැකට්ටුවක මිල රුපියල් 20 කින්ද, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20 කින් ඉහළ දැමෙනු ඇති.
සීනි මිල ඉහළ යාමත් සමඟ තේ එකක මිල රුපියල් 05 කින්ද,කිරි තේ එකක මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.