ඉන්දියාව තරඟ වලදී විශේෂ පන්දුවක් යොදා ගන්නා බවට චෝදනාවක්!

ක්‍රිකට් තරඟ වලදී ඉන්දියාව සිය ප්‍රතිවාදීන් වෙනුවෙන් වෙනත් සැක සහිත පන්දුවක් භාවිත කරන බවට පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක හසන් රාසා චෝදනා කරනවා.

ඒ, පසුගියදා ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් ABN නාලිකාව සමඟ පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී.

“අපි දකිනවා ඔවුන් පන්දුවට පහර දෙන විට ඔවුන් හොඳින් පන්දුවට පහර දෙන බවත්, ඉන්දියාව පන්දු යවන විට හදිසියේම පන්දුව යමක් කිරීමට පටන් ගන්නා බවත්, ඔවුන්ට වාසිදායක ලෙස සමීප DRS තීරණ 7-8ක් ගොස් ඇති බවත්. සිරාජ් සහ ෂාමි පන්දුව දෝලනය කරන ආකාරය අනුව ICCය හෝ BCCI(ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය) දෙවන ඉනිමේදී ඔවුන්ට වෙනස් හා සැක සහිත පන්දු ලබා දෙන බවක් පෙනෙන්නට තිබුණා. පන්දුව පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි. දෝලනය සඳහා පන්දුව මත අමතර ආලේපන තට්ටුවක් ද තිබිය හැකියි”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button