DSI පවුලේ ආරවුල : සජිත්ට එරෙහිව කසුන් රාජපක්ෂගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි !

DSI සැම්සන් පවුලේ ව්‍යාපාරික අර්බුදය තවත් ඉදිරියට යමින් තිබෙන පසුබිමක එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සැම්සන් පවුලේ ප්‍රධාන චරිතයක් වන සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමකට සහභාගී වීම සහ එයට බාධාකිරිම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සහ කර තිබුණද එය ව්‍යර්ථ වී තිබේ.
DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබුණු අතර එයට එරෙහිව සජිත් රාජපක්ෂ අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව යළි එම තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණ නියෝගයක් ලැබී තිබුණි.
එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂව තනතුරුවල පිහිටුවා ලීම සිදුකළද ඔහුට නිසි පරිදි කටයුතු කිරීමට නලබිම මත සජිත් රජප්ස්කහ විසින් යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමිනි.
එමෙන්ම තමන්ව යළි තනතුරු වල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ මෙම පවුලේ ආරවුල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නොහැකිවන පරිදීද සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට ඇතුල්කර ගෙන තිබේ.
ඒ අනුව එම නඩුව එළඹෙන 20 වැනිදා කැඳවීමට නියමිතයි.
මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් අද (03) දින DSI සැම්සන් සමූහයේ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණේ.
ඒ අනුව අධිකරණ නියෝගද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටීම හෙයින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබුණි.
ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබේ.
සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කළේ සජිත් මෙම සමාගම්වලින් ඉවත් කිරීම ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවත් සමාගම් තිරසාරභාවය අනතුරේ හෙලීමක් බවත්ය.
ඔවුන් තර්ක කළේ සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වූ බවයි. පසුගිය වසර පහ තුළ පවුලේ දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ එහි ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක් සජිත රාජපක්ෂගේ මහන්සිය බවට අධිකරණය හමුවේද පෙන්වා දී ඇත.
මේ අතර කසුන් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ කාර්ය සාධනයද මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ අනුව පසුගිය වසර පහ තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙස වාර්තා වී ඇත.
ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශ්මය ජනක ලෙස වාර්ෂික ලාභයක් කරා මෙහෙයවා තිබේ.
වාර්ෂිකව ආකර්ෂණීය රු.මිලියන 557ක දායකත්වයක් ලබාදෙමින්, 75කට අධික ගෝලීය අපනයන ජාලයකින් එම අංශය පෝෂණය කිරීමට සජිත රාජපක්ෂ කටයුතු කර ඇත.
DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ.
එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි