විදුලි බිලට එරෙහි පාගමනට තහනම් නියෝගයක් – බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා දිවුලපිටියේ සිට කොළඹ දක්වා පා ගමනක් සංවිධාන කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් සංවිධාන කළ මෙම පාගමන ආරම්භයේදීම එය නැවැත්වීමට පොලීසිය මැදිහත් වීමත් සමඟ ඇති වුණේ කලහකාරී තත්වයක්.

මේ අතර මෙම පාගමන කොළඹ නගරයට ඇතුළු වීම වලක්වාලමින් මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button