සෙවනගල යළිත් දයා ගමගේට? – සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි

පාඩු ලබන සෙවනගල සීනි කම්හල එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ව්‍යාපාරික දයා ගමගේට ලබා දීමේ සූදානමක් ඇතැයි ‘The Island’ ඉංග්‍රීසි පුවත්පත වාර්තා කරනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් මීට පෙර ඉදිරිපත් කළ අවස්ථාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රමේෂ් පතිරණ ඊට විරුද්ධ වී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් පසුගියදා සිදු කළ අමාත්‍යධුර සංශෝධනය අනුව අමාත්‍ය රමේෂ් පතිරණට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් අතර වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර පත් කෙරුණා.
ඒ අනුව, සෙවනගල සීනි කර්මාන්තශාලාව දයා ගමගේට ලබා දීමේ පළමු පියවරක් ලෙස එම අමාත්‍යධුර වෙනස් කිරීම සිදු කර ඇති බවයි ‘The Island’ පුවත්පත සිය වාර්තාවෙන් හෙළි කරන්නේ.
මීට පෙර අවස්ථාවකද අදාළ සීනි කම්හල හිටපු අමාත්‍ය දයා ගමගේට අයත්ව තිබූ අතර පසුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ එය රජයට පවරා ගනු ලැබුවා.