ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබා ගත හැකි තීරණාත්මක තරඟය අද (26) එංගලන්තයට එරෙහිව බැංගලූරුහි, චින්නස්වාමි පිටියේදී පැවැත්වීමට නියමිතයි.
ආබාධයකට ලක්ව සිටින මතීෂ පතිරණ වෙනුවට කලකට පසු ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීම විශේෂත්වයක් වනවා.
දෙපිලම තමන් මුහුණ දුන් පසුගිය තරඟ 4 න් තරග 1 බැඟින් ජයග්‍රහණය කර ඇති අතර ඒ හේතුවෙන් අද තරඟය දෙපිලටම අතිශය තීරණාත්මක තරඟයක් වනු ඇති.