රාජාංගනේ හිමියන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තු නිකුත් කළා.
ආගම් අතර අසමඟිය පැතිරවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි උන්වහන්සේ අදාළ නඩුව සඳහා අද දිනයේ පෙනී නොසිටීම මත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මීට අමතරව සැකකාර හිමියන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.