ජාතියේ යශෝරාවයට අසාධ්‍යයි? – ඇත්ත කතාව මෙන්න

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියක වන නන්දා මාලිනී මහත්මිය අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන රාවයන් පිළිබඳව ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්.
“නන්දා මිස් සුවෙන්, අසත්‍ය පුවත් සංසරණය කිරීමට හවුල් නොවන්න …………………..
ජාතියේ යශෝරාවය නමින් විරුදාවලී ලත් ආචාර්ය නන්දා මාලනියන් මේ වන විට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇතැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන තොරතුරු සහ පුවත් අසත්‍යය යැයි වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමි.
ඇය යම් අසනීප තත්වයකින් පසුවන බව සත්‍යයක් වුවත්, මේ වන විට බොහෝ සේ සුව ලබා ප්‍රතිකාර ගනිමින් සිටින ඇය කිසි ලෙසකත්, සමාජ මාධ්‍යයන් හි ඇති ලෙස අසාධ්‍ය තත්වයේ පසු නොවන බව දැනුම් දෙමි.
මෙවැනි දේ සොයා නොබලා සමාජ මාධ්‍යයට එක් කරන වගකීම් රහිත පිරිස් සමග එක්ව මෙවැනි දේ සංසරණය කිරීමට හවුල් නොවන මෙන් ඉල්ලා සිටින අතර, එවැනි දේ නිසාවෙන් එතුමියට සහ සමීපතමයන්ට බොහෝ දෙනෙක් ඇමතුම් ලබාදෙමින් මෙය සත්‍යයක් දැයි විමසීම පවා මේ මොහොතේ ඔවුන්ට සිදුවන හිරිහැරයකි.
එනිසා ජාතියට ම සෙත් පිරිත් රාවයක් බඳු වූ ඇයට ද අප සැමගේ සෙත් පැතුම් සුතුරක් තරම් බලැතිව පිහිට ආශිර්වාද සලස්වන මතු, ඉක්මණින් සුවපත් වීමට දිගාසිරි පතමු.
අසත්‍ය දේ සමාජගත කළ පිරිස් වෙත එම පුවත් මකා දමන මෙන් ඉල්ලා සිටින අතර එවැනි දේ සංසරණය කරමින් ඔබත් ඊට දායක වූවා නම් කරුණාකර එම සාවද්‍ය තොරතුරු නිරවද්‍ය කිරීමට ද යුහුසුළු වන මෙන් ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් බොහොම ඉක්මණින් ආදරණීය නන්දා මිස්ට කඩිනම් සුව අත්වේවායි පතමි !!!”