ලලිත් කොතලාවලගේ සැක සහිත මරණයට හේතුව හෙළි වෙයි

ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය උග්‍ර නිව්මෝනියා තත්වයකින් සිදු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඊයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වූ බවයි බම්බලපිටිය පොලීසිය පවසන්නේ.

ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත යැයි පවුලේ ඥාතියෙකු කර තිබූ පැමිණිල්ලකට අදාළව අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රකටව සිටි ඒ මහතාගේ ව්‍යාපාර සහ වත්කම් කොල්ල කෑ බවට පාර්ශ්ව ගණනාවකට චෝදනා එල්ල වී තිබුණේ ප්‍රශ්නගත ‘ගෝල්ඩන් කී’ සමාගමේ අර්බුදයෙන් අනතුරුවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button