“ජනාධිපතිවරණය නොපවත්වා නිතරඟයෙන් රනිල් ජනපති කළොත් විදුලි බිල අඩු කරන්න පුළුවන්” – වජිර

ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයදුම්පත්‍රය පමණක් ඉදිරිපක් වුවහොත් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති හෙයින් ඒ සඳහා වැය වන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යෙදවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට රට ගොඩනැඟිය නොහැකි බව දන්නා බැවින් ඔවුන් කළ යුත්තේ ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීම සබවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.