බීමත් රියදුරන් අත්අඩංගුවට ගත්තොත් 5,000 ක දිරි දීමනාවක්!

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා ඕනෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නියමු ව්‍යාපෘතිය ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
මෙම දිරි දීමනාව එක් බීමත් රියදුරෙකු සඳහා රුපියල් 5000 බැගින් නිලධාරියාගේ වැටුපට එකතු වන ආකාරයට ලබා දෙන අතර මෙය අනතුරු වලක්වා ගැනීම සහ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම දැරි ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වනු ඇති.