“විදුලි බිල නෙවෙයි වැඩිවුණේ, මාසික විදුලි ගාස්තුව” – රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්

වැඩි වී ඇත්තේ විදුලි බිල නොව මාසික විදුලි ගාස්තුව බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.
සාමාන්‍ය ජනතාවට විදුලි බිල වැඩි වන්නේ අවමය රුපියල් 30 කින් සහ උපරිමය රුපියල් 700 කින් නිසා එය සාමාන්‍ය ජනතාවට දැනෙන තත්වයක් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අරුණාචලම් අරවින්ද් කුමාර් පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්.