ජෝර්දානයෙන් ඊශ්‍රායලයට පනින්න හැදූ ලාංකිකයින් තුනක් කොටු

ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර දේශසීමාව හරහා නීති විරෝධීව ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පිළිබඳව වි⁣දේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වනදා එම ශ්‍රී ලාංකිකයින් ⁣තිදෙනා දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේ එරට නීති නිලධාරීන් භාරයට ගෙන ඇතැයි සඳහන්.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවයි එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් පැවසුවේ.

මේ අතර මීට දින කිහිපයකට පෙරාතුවද දේශ සීමා හරහා නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඊශ්‍රායල් ආරක්ෂක අංශ භාරයට ගෙන නැවත ජෝර්දානයට පිටුවහල් කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button