පොහොට්ටුවේ හිටපු අපේක්ෂකයෙක් තරුණ නීතීඥවරියකගේ ගෙල සිර කරයි

අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවකට පෙනී සිටීමට පැමිණි සැකකරුවෙකු විසින් තරුණ නීතීඥවරියකගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ පුවතක් ගලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට සැකපිට අත්අඩංගුවට ගෙන ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබූ අදාළ සැකකරු සිර මැදිරියෙන් පිටතට ගැනීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී මෙලෙස තරුණ නීතීඥවරියගේ ගෙල සිර කිරීමට උත්සාහ කර ඇති බවයි සඳහන් වන්නේ.
26 වැනි වියේ පසුවන සැකකරු ගලගෙදර,කලුවාන ප්‍රදේශයේ පදිංචි ලලිත් සමන් කුමාර නමැති තැනැත්තෙක්.
සැකකාර තරුණයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.