මිහින්තලේ හිමියන් රට බේරා ගන්න ⁣දේශපාලනයට?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මහා සංඝරත්නය පෙරටු කොට ගත් නව සන්ධානයක් ගොඩනැංවිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඒ, පසුගියදා පැවැති උත්සවයකදී.

සියයට පනහක කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වැදගත්කමද පෙන්වා දෙන උන් වහන්සේ, රට බේරාගැනීම සඳහා සියලුම ජාතීන් සහ ආගම් වලටද ආරාධනා කරන බවයි කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ මිහින්තලා පුද බිමෙන් සම්බුද්ධ ශාසනය මෙරටට හිමි වූ අයුරින්ම රට ගොඩනැඟී⁣ම සඳහා තමන් වහන්සේ පාරට බැසීමට සූදානම් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button