ජවිපෙට එරෙහිව චම්පිකගේ මඩ බලකාය වැඩ අරඹයි?

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් හිටපු අමාත්‍ය චම්පික රණවක පාර්ශ්වයෙන් සමාජ මාධ්‍ය මඩ ප්‍රහාර ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
ඒ ‘Champika Balaya’ නමැති ෆේස්බුක් ගිණුමක් මාර්ගයෙන්.
විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ සාමාජිකයන්ගේ සහ ජවිපෙ හිතවාදීන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් මෙම මඩ ප්‍රචාර සිදු වන බව දක්නට ලැබෙනවා.
මේ අතර ඉදිරියේදී චම්පික රණවක මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින රජය සමඟ එක්වීමක් සිදු වීමට බොහෝ දුරට ඉඩකඩක් පවතින බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙළි වන්නේ.
මෙලෙස ඉලක්කගත කර ජවිපෙට සම්බන්ධ පුද්ගලයන්ට සහ පක්ෂවලට සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රචාර එල්ල කිරීම පිටුපස ඇත්තේ එම එක් වීම වෙනුවෙන් පසුබිම සැකසෙන තත්වයක් දැයි බොහෝ දෙනා සැක පළ කරනවා.