සුරා බදු ආදායම බිලියනයකින් ඉහළට

රජයට ලැ⁣බෙන සුරා බදු ආදායම මාසයක කාලයක් ඇතුළත රුපියල් බිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ, රාජ්‍ය මුදල් කාරක සභා රැස්වීමේදී.

මත්පැන් නිෂ්පාදන වල ස්ටිකර් වංචා මැඩලීමට ගත් පියවර සහ වැටලීම් මෙම බදු ආදායම ඉහළ යාමට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සුරා බදු ගෙවීම පැහැර හැරීම සඳහා මත්පැන් නිෂ්පාදකයන් විසින් ව්‍යාජ ලෙස ස්ටිකර් අලවා මත්පැන් නිකුත් කරන බවට පසුගිය කා⁣ලයේ සිදු කළ වැටලීම් වලින් හෙළි වී තිබුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button