ජැක්සන් ඇන්තනී දිවි රඟ මඬල හැර යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කරනවා.

ඒ මහතා හදිසි අනතුරක⁣ට ලක්ව මාස 14 ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනුයි සිටියේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 65 වන වියේ පසු වුණා.

ශ්‍රී ලංකාවේ ⁣වේදිකා, ටෙලිනාට්‍ය, සිනමාව පමණක් නොව රේඩියෝව, ටෙලිවිෂනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක එතුමා තම නිසඟ රංගන ප්‍රතිභාව ප්‍රකට කළේ කෙටි කලක් තුළ රසික ආකර්ශනය නොමඳව ලබමින්.

‘අපේ සිංහලේ වංශ කතාව’ වැනි වැඩසටහන් හරහා ශ්‍රී ලාංකේය ඉතිහාස විවරණයක⁣ට මං පෙත් හෙළි කළ ඒ මහතා පද රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද ලෙස කැපී පෙනුණා.

එතුමන්ගේ වියෝව සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී විසින් ජැක්සන් ඇන්තනී විසින්ම රචිත කවි සටහනක් පළ කර තිබෙනවා.

එම සටහන පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button