මින් ඉදිරියට පෝස්ටර්, කටවුට් සඳහා ජනපති රුව යොදා ගැනීම තහනම්!

මින් ඉදිරියට පෝස්ටර්, කටවුට් සහ දැන්වීම් සඳහා තම රුව යොදා නොගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
වර්තමානයේ අවශ්‍යව ඇත්තේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම හැර කටවුට්,පෝස්ටර් දේශපාලනයක් කිරීම නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (07) මඩකලපුවේදී පැවැති උත්සවයකදී.
මෙම උත්සවය වෙනුවෙන් මඩකලපුව නගර මධ්‍යයේ සවි කර තිබූ ජනාධිපතිවරයාගේ රුව සහිත දැවැන්ත පුවරුව සහිත ඡායාරූප පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
එය දුටු ජනාධිපතිවරයා එසැනින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ එය හැකි ඉක්මනින් ඉවත් කරන ලෙසයි.