ලිබර්ටි ප්ලසා අසල ගසක් කඩා වැටීමෙන් බස් රථයක් අනතුරක – 17 කට තුවාල

කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සංකීර්ණය අසල මාර්ගයේ නවතා තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අද (06) උදෑසන සිදු වූ අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට පත් වී ඇත්තේ කොළඹ සිට මතුගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක්.
අනතුරට පත් බස් රථය තුළ සිර වූ තවත් මගියෙකු මුදා ගැනීමේ කටයුතු මේ වන විට සිදු වන බවයි වාර්තා වන්නේ.