මුදලට නිරුවත පෙන්වූ විවාහක කාන්තාවක අල්ලයි

ඔන්ලයින් වීඩියෝ හරහා සිය නිරුවත මුදලට අලෙවි කළ සුරූපී විවාහක කාන්තාවක පන්නිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාවට මුදල් ලබා දී දර්ශන නැරඹූ පිරිස අතරින් බහුතරයක් ම පාසල් සිසුන් බවයි අනාවරණය වී ඇත්තේ.
විනාඩි දහයක කාලයක් නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000 ක් ද, පැයක කාලයක් සඳහා රුපියල් 8000 ක් ද එම කාන්තාව අය කර ඇතැයි සඳහන්.
මේ අතර, වැඩිහිටියන්ට පමණක් වන ප්‍රසිද්ධ වෙබ් අඩවි හරහා සිය නිරුවත සහ ලිංගික දර්ශන සජීවීව ප්‍රදර්ශනය කර මුදල් ඉපයීම මේ වන විට ප්‍රවණාවක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තා වනවා.
මෙවැනි විෂමාචාර ක්‍රියා වලට ඇබ්බැහි වන නව යොවුන් වියේ සිටින දරුවන්ට මේ හරහා සිදු මානසික බලපෑම සුළුපටු නොවන අතර, ඉදිරි දශක කිහිපයේදී මහත් සමාජ පරිහානියක් සිදු වීමේ මූලික වටපිටාව මේ හරහා ගොඩනැඟෙනු ඇති බවයි සමාජ විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.