මත් වෙන්න වේදනානාශක ගන්න අය ගැන ඇඟ කිලිපොලා යන ආරංචියක්

වේදනානාශකයක් ලෙස භාවිත කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති ඖෂධ, තරුණ තරුණියන් මත් වීමට යොදා ගැනීම හේතුවෙන් විවිධ අතුරු ආබාධ ඇති වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් මානසික ආතතිය, වලිප්පුව, අපස්මාරය රෝග ලක්ෂණ ඇති විය හැකි බවයි මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන පවසන්නේ.
හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති තරුණ තරුණියන් හෙරොයින් ලබා ගැනීමට නොහැකි අවස්ථාවල මෙලෙස ප්‍රබල වේදනානාශක පෙති වර්ග භාවිතයට ගන්නා බවත් හෙළිවී තිබෙනවා.
පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් පමණක් නොව සෞඛ්‍ය අංශවල කාර්යයේ නියුතු ඇතැම් වෛද්‍යවරුන් පවා වේදනානාශක සහ නිර්වින්දන ඖෂධ භාවිතයට යොමු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම අදහස් පළ කෙරුණේ ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් මහනුවරදී පැවැති උත්සවයකදී.