අද සුරාසැල් වැසුණු හේතුව මෙන්න

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.
මේ හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් අද දිනය තුළ වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
සෑම වසරකම ඔක්තෝබර් 03 වැනිදා අමද්‍යප දිනය සමරනු ලබන්නේ මත්පැන් පරිභෝජනය හේතුවෙන් මිනිස් සිරුරට ඇතිවන අහිතකර තත්වයන් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහායි.
මේ අතර, සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවන්ට අනුව මත්පැන් නිසා දිනකට මෙරට පුද්ගලයින් 50 ක් පමණ මරණයට පත් වන බව හෙළි වී තිබෙනවා.