බස් රැජිනියන්ගේ රෙදි ගැලවෙයි – නීති කඩ කළාට කොන්දේසි මත නිදහස්!

මෝටර් රථ වාහන නීති කඩකරමින් මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබියදී, මගී පැමිණිලි මත කොළඹට කැඳවූ බස් රථ 58 ක් දැඩි කොන්දේසි මත මුදා හැර තිබෙනවා.
විවිධාකාර නම් වලින් හඳුන්වා දෙමින්, රථයේ වර්ණය වෙනස් කර, ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින්, වෙනත් අංගෝපාංග සවි කර තිබුණේ මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කරමින්.
මෙවැනි බස් රථ වටා ගොඩ නැඟුණු උපසංස්කෘතියක් සහ මාර්ග නීති කඩ කරමින් විනෝදයට ධාවනය කිරීමේ සංස්කෘතියක් සමාජ ජාල ආශ්‍රිතව ගොඩ නැඟී තිබුණා.
මේ අතර, පසුගියදා තන්තිරිමලේ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් අනතුරට පත් වු බස් රථයද මේ ආකාරයෙන් මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කරමින් සැරසිලි කළ බස් රථයක් බවයි වාර්තා වන්නේ.