‘පිටකවරෙ’ අමු සිංදුවේ ගායකයාට චෝදනාවක්?

මේ දවස්වල ජනප්‍රිය සිංදුව මොකක්ද කියලා ඇහුවොත් කාගෙ කාගෙත් කටින් කියවෙන නමක් තමයි ‘පිටකවරෙ’ අමු සිංදුව කියලා කියන්නේ.
එකවරම ලැබුණු අතිශය ජනප්‍රියත්වයත් එක්ක ගීතය ගායනා කරන සංජීව් ලෝන්ලියේස් ගැන සමාජයේ කතාබහක් මතුවුණා.
ටෙලිවිෂන් මාධ්‍යයේ ඔහුත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡා youtube trending No. 01 වෙන තරමට සංජීව් ලෝන්ලියේස් රසිකයින් වැළද ගත්තා.
SJS බෑන්ඩ් එක ගැන, ‘කට්ට කාලා, චොකලට් කෑල්ල’ වගේ පරණ රස මතක තියෙන සිංදු ගැන හැමෝම මතක අවුස්සන්න පටන් අරන් තිබුණේ ඒවා මීට වසර 15 පමණ කලින් අතිශය ජනප්‍රිය වෙලා තිබුණ නිසා.
කොහොම වුණත් සංජීව් ලෝන්ලියේස් සහ SJS බෑන්ඩ් එකේ අතීතය ගැන SJS බෑන්ඩ් එකේ හිටපු ජගත් රස්නායක අද ෆේස්බුක් සටහනක් එක් කර තිබුණේ මෙන්න මේ විදිහට.
‘මචන් කට්ට කාල සිරාවටම කාගේද බන්.chocolate කෑල්ල සිංදුව ඔබලගෙ නෙවේද එතකොට සිත නිදි නෑ කාගේද බන් ‘
මේ දවස් ටිකේම මට Calls වලින් Msg වලින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නෙ.කාලයක් තිස්සෙත් ගොඩක් අය අහපු ප්‍රශ්නයක්.
මුලින්ම කියන්න ඕන මේ පොස්ට් එක කාටවත් මඩ ගහන්න ලියන එකක් නෙවේ.මගෙන් හැමෝම අහන ප්‍රශ්නෙට උත්තරේ සහ Media වලින් ඇහෙන පට්ට බොරු වලට කෙටියෙන්ම උත්තරේ.
2011 මට ඕන වෙනව boy band එකක් form කරන්න.ඒ ආසාව නිසාම සංජය,ජගත් ,සංජීව යන නම් වල මුල් අකුරු වලින් මම බෑන්ඩ් එකක් හදනවා . ඒ තමා SJS.අපේ ගමට පිටින් ආව uncle Roy ගෙ ගෙදර තමා අපි Practice කලේ සහ Roy uncle SJS band එක හැදෙන්න ගොඩක් උදවු කලා.ඒ අතරේ තමයි SJS Band එකේ සිංදු ටික හැදුනේ.
කට්ට කලා Track එක තමයි අපි මුලින් Out කලේ..කට්ට කාල Track හදන කාලේ මමයි සංජයයි තාරුණ සේවා සභාවේ Bellwood Dip එක කරනගමන් හිටියෙ.සංජීව ඒ වෙනකොට කැළණි campus එකේ.හෝමාගම මාධව හේවාවසම් අයියගේ Studio එකේ තමයි සිංදුව Recording කරලා Final කලේ.සිංදුවේ Guitar Paly කලේ ලසන්ත අයිය..කට්ට කාල video එක කලේ Gagana Prathap Perera /Malinda Dikmadugoda සහ Dilini Upeka.
කට්ට කාල හිතපු නැති විදියට hit උනා.ඊට පස්සේ අපි සිත නිදි නෑ සහ chocolate කෑල්ල Tracks දෙක කලා.ඒ Tracks දෙකත් මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය උනා.
ඔහොම අපි වැඩේ කරන් යනකොට band එක කරගෙන යන්න බැරි තරම් ප්‍රශ්න ටිකක් එනව.ඒ ප්‍රශ්න ටික ප්‍රසිද්දියේ නොකිය යුතු නිසා මෙතන ලියන්නේ නෑ.මොකද මේ post එකේ මම කාටවත් මඩ ගහන්න නොලියන හින්ද.මම අනිත් සාමාජිකයන් දෙන්නටත් කතා කරලා band එක මෙහෙම ප්‍රශ්න එක්ක කරන යන්න බැරි නිසා 2014 වගේ කාලෙක SJS(සංජය.ජගත් ,සංජීව) band එක නවතිනවා.
මේ post එක ලියන හේතුව තමයි SJS හදපු සිංදු වල අයිතිය ගැන කියන එක.SJS හදපු හැම සින්දුවකම අයිතිය අපි තුන්දෙනාටම සමව තියන එකක්.මොකද මේ සිංදු වල Lyrics/Melody/Music වලට තුන් දෙනාම එක වගේ දායකත්වයක් දීල තියන නිසා.
සංජීව ප්‍රසිද්ද මාධ්‍යයේ සිංදු හැදුන විදිය ගැන කියන බොරු සහ මගෙන් අහන අයට උත්තරේ තමා මේ post එකේ තියෙන්නෙ.
මීට කලින් අවස්ථා කීපයකම මේව ප්‍රසිද්දියේ බොරු විදියට යනකොට legal action නොගන්න හේතුව තමා එක පතේ කාල ඒකට පහරන්න බැරි කම. මින් ඉදිරියට මේ හැමදේකටම Legal Action ගන්න කටයුතු කරනව.ඒ නිසා මේ සිංදු වල අයිතිය එක් පුද්ගලයෙකුට පමණක් සතු නොවන බව කරුණාවෙන් සලකන්න.ඒ වගේම ප්‍රසිද්ද මාධ්‍ය වල අසත්‍ය ප්‍රචාරය නොකරන ලෙසද ඉල්ලා සිටිනවා.ඒ හරහා band එකේ අනිත් සාමාජිකයගේ චරිත වලට දරුණු ලෙස හානියක් සිදුවෙනවා.
මේ Photos ටික මගෙ පරණ Hard එකක තිබුන ඒවා.
‘අපි හැමෝම Match එකක් ගහන්න තමා මේ try කරන්නෙ හැබැයි ඒ Match එක අපේ හර්දශාක්ෂියට එකගව ගහන එක තමා හොද’.
– Jagath Rasnayake