ප්‍රවේශපත් ලබා නොගෙන ලංගමේ යන අයට දඩ වැඩි වෙයි

ප්‍රවේශපත් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ගෙන් අය කරගන්නා දඩ මුදල රුපියල් 3000 ක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම දඩ මුදලට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් ද ගෙවීමට සිදු වනු ඇති.

ප්‍ර⁣වේශපත් නොමැතිව බස් රථවල ගමන් ගන්නා මගීන් හේතුවෙන් දිනකට ගමනාගමන මණ්ඩලයට අහිමි වන ආදායම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ප්‍රවේශපත් නොමැතිව ගමන් කිරීමට අදාළ දඩ මුදල ලෙස මේ වන විට පවතින්නේ රු. 250 ක දඩ මුදලක් සහ ගාස්තුව මෙන් දෙගුණයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button