මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කරලා

මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් මාර්ගයෙන් විදෙස් රැකියා ලබා දෙන බවට වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා සිරිමල් ප්‍රියන්ත නමැති ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනිකව රුපියල් එක් ලක්ෂ හතලිස් දහසක් ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසිය විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.