සමාජ මාධ්‍ය නියාමනය ගැන හිටපු ජනපතිගේ මතය

තම පාලන කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී ගැටලු ඇති නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ මීරිගම අද පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
නව පනතක් හරහා සමාජ මාධ්‍ය නියාමනය කිරීම සුදුසු තත්වයක් නොවන අතර විවේචනය කිරීමේ නිදහස තිබිය යුතු බවයි ඔහු මෙහිදී කියා සිටියේ.