බණ්ඩාරනායක ගුණ සමරුව හොරගොල්ලේදී

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායකගේ 64 වන ගුණ සමරුවත්, ඊට සමගාමීව මෙරට පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායකත්, දිවංගත කථානායක වරයෙකු වූ අනුර බණ්ඩාරනායකත් සිහිපත් කරමින්, හොරගොල්ල පිහිටි බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා.
මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු බණ්ඩාරනායක පවුලේ ඥාතීන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය මෙන්ම ශ්‍රීලනිප ඇතුළු පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටි ආකාරය කැමරා කාචයේ සටහන් වූ අයුුරු.