“එදා පොඩිවට පටන් ගත්ත බිස්නස් එක අද දියුණු වුනේ කැපවීමයි උත්සාහයයි නිසා” කලාකරුවන් අතරත් ජනප්‍රිය වූ HK Beauty ගැන හංසි කියන කතාව

අධිෂ්ඨානයයි කැපවීමයි තියෙනවනම් මේ ලෝකේ මොනවද කරන්න බැරි ? ඉතා කෙටි කලකින් කැපවීම නිසාම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියටම එමින් සිටින එවන් දිරිය යුවතියක් ගැන සටහනක් තබන්නට අපිට හිතුනා.
HK Beauty Selection කියන්නේ මේ වෙද්දි තරුණ තරුණියන් අතර බොහොම ජනප්‍රිය Brand එකක් වෙලා තියෙනවා..නළු නිළියන් අතරත් , තරුණ තරුණියන් අතරත් එකසේ ජනප්‍රිය HK Beauty Selection එක facebook ,instagram, මේ වන විටත් විශාල followers ලා ප්‍රමාණයක් මෙන්ම පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් එකතු වී සිටින ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා.
ඉතා කෙටි කලකින් මේ වගේ ව්‍යාපාරයක් සාර්ථක වුනේ කොහොමද? අද ඒ ගැන අපිත් එක්ක කතා කරන්න එකතු වුනේ HK Beauty කියන සන්නාමය හදපු “හංසි”
හංසි මොකක්ද මේ HK Beauty Selection කියන්නේ ?
ඇත්තටම HK Beauty Selection කියන්නේ මගේ හදවත. ඒ තරම් මම මගේ පුංචි ව්‍යාපාරයට ආදරෙයි . “HK” කියන්නෙත් මගේ නමේ මුල් අකුරු දෙක දාලා මම හදපු නමක්. හරිම අහම්බෙන් තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. මම market එක study කළා.පිටරට තියෙන contact වලින් business එකට අවශ්‍ය දේවල් ගෙන්වා ගත්තා. මුලින්ම යහළුවන් අතරේ කරපු මගේ පුංචි ව්‍යාපාරය brand එකක් කියන එකම මට සතුටක්.
HK Beauty selection ගොඩක් අය අතර ජනප්‍රියයිනේ. මොකක්ද ඒකේ විශේෂත්වය ? මොනවද තියන production ?
ඇත්තටම මගේ products ගොඩක් අය වැළඳ ගන්න හේතුවක් තමයි සරලව කිව්වොත් qulity එක. සියලුම දේවල් important items . ඒ වගේම සුහදශීලි සේවය. අපෙන් නිෂ්පාදන මිලදී ගන්න පුලුවන් HK Beauty Selection facebook ,instagram pages හරහා.
කවුද මේ වැඩේදී හයියට හිටියේ ?
HK Beauty Selection පටන් ගන්න මට සහයෝගය දුන්නේ මගේ නංගී ‘කේෂි’ අදටත් හෙවණැල්ල වගේ මගේ ළඟ ඉන්නවා හැම දෙයකටම. මගේ ආදරණීය අම්මි,තාත්ති මතක් කරන්න ඕන. මම ලෝකය හරි විදියට දකින්නේ ඔවුන් නිසා. මගේ මල්ලී ලක්ෂාන්, මල්ලිගේ බිරිඳ තක්ෂි, නංගීගේ සැමියා කසුන් මේ හැමෝම මට විශාල ශක්තියක්.ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ‘අනුරුද්ධ’ එයා තමයි මට ගොඩක්ම උදව් කරේ විදේශ රට වලින් qulity products ගේන්න.එයා නැත්නම් මේ තරම් දුර ගමනක් එන්න අමාරුයි . Business එකක qulity එක මාරම වැදගත් . ඒ නිසාමයි විශාල පාරිභෝගිකයන් පිරිසක් අපි වටා රැඳී සිටින්නේ. ඒ වගේම මගේ සහෝදරියන් වන ජනප්‍රිය රංගන ශිල්පිනී එමාෂා සෙනෙවිරත්න සහ රොශෙල් රොජර්ස් හැමදාමත් මට ශක්තියක් වුණා . සශ්‍රිකා නංගී , මෙනුගි මනුල්‍යා ,මනේජ් අයියා, උදාර අයියා වගේම උදව් කරපු ලොකු කලා පවුලක් මාත් එක්ක ඉන්නවා. ඒ වගේම HK Beauty Selection එකේ හැමදාමත් photos කරන්නේ දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන බුද්ධික සඳරුවන් අයියා සහ දිලිනි නංගී . හැමදාමත් මට ලබා දෙන සහයෝගය මහමෙරක්. මම ආසම රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ප්‍රභා වාසනා අක්කි මේ වෙලාවේ මතක් කරන්නම ඕන. හරි ලස්සනට මාව හැමදාමත් හැඩ කළා. මගේ නිරූපණ ශිල්පිනියන් හැඩ ගැන්වූවා. අමතක කරන්නේ කොහොමද මගේ ආදරණීය සැමියා උෂාන්. එයානම් මට පුදුම සහයෝගයක් දෙන්නේ HK beauty selection එකට. ඇත්තටම එයා තමයි මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න මට උදව් කරපු මගේ හයිය. HK Beauty Gift boxes සියල්ල ස්ව දෑතින්ම නිර්මාණය කරන්නේ ඔහු. ඒ වගේම මගේ යහළු යෙහෙළියන් මට මාර ශක්තියක් .
හංසි ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද ?
හංසි කියන්නේ හරිම ආදරණීය, සංවේදී චරිතයක්. ඕනම කෙනෙක්ගේ යහපත දැකලා සතුටු වෙන්න පුලුවන් හදවතක් තියෙන, කාටහරි උදව්වක් වෙන්න පුලුවන් තැනදි ඒ අය වෙනුවෙන් උපරිමය කරන්න උත්සාහ කරන, ඒ වගේම තමන් භාරගන්න ඕනම වැඩක් perfectly කරන්න කැපවෙන කෙනෙක්. ඒ වගේම තමන්ගෙ පවුලට,යාලුවන්ට ගොඩක් ආදරෙයි. ලස්සනට ඉන්න, තෝරා බේරා ගෙන විලාසිතා කරන්න කැමති කෙනෙක්.
ව්‍යාපාරික කාන්තාවක් වුනත් මේ වෙද්දි ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.මුල්ම අඩිතාලම ගත්තේ කොහොමද ?
මම පුංචි කාලයේ සිටම නිවේදනයට වගේම, writing වලට ගොඩක් කැමතියි . දහම් පාසලෙන් තමයි මගේ නිවේදන හැකියාව හඳුනගත්තේ. පසුව මම පාසල් වල, මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වල වගේම පොලිස් අවුරුදු උළෙල වල ටික ටික නිවේදන කටයුතු කළා. නමුත් මම පිටපතකට අනුව ක්‍රමවත්ව වෙළෙඳ දැන්වීම් ලියන්න වගේම ලිපි, සඟරා ලියන්න පටන් ගත්තේ life tv chanel එකෙන්. නමුත් මගේ මාධ්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂය තමයි ” නෙත් FM ” කියන්නේ.
ඔබ දක්ෂ ලේඛිකාවක්. කොහොමද ඔබ මේ ක්ෂේත්‍රය තුළ සඟරා කිහිපයකටම අකුරු කරන්න අවස්ථාව ලබා ගත්තේ. අපි ඒ ගැනත් මතක් කරමු නේද ?
පුංචි කාලේ තිබුණු ලොකු හීනයක් ඒක. මම පාසල් කාලයේ ” විජය කුමාරතුංග ගුණානුස්මරණ කෙටි නාට්‍ය තරඟාවලිය ” තුළ නාට්‍ය පිටපත් රචනය වෙනුවෙන් දීප ව්‍යාප්ත මට්ටමේ ජයග්‍රහණ ලබා ගත්තා පිට පිට වසර 2 ක්. නැගෙනහිර පළාත් දහම් ගුරු රචනා තරඟාවලියේ “දහම් පාසල් දිනය අර්ථවත්ව යොදා ගනිමු”මැයෙන් ලියපු වචන 3000 කට නොඅඩු රචනා තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තෙත් මම.බොහොම අහම්බෙන් ලැබුණු නොහිතපු ජයග්‍රහණ මේ හැමදේම. දැන් මම “නෙත් Fm” නාලිකාවේ පිටපත් රචිකාවියක් සහ සම්බන්ධිකාරකවරියක් ලෙස සේවය කරනවා. ඒ වගේම “පින්න production” , “වයි වර්ණ digital magazine” , “Trendthink E – Magazine” හි staff whiter කෙනෙක් විදියට වැඩ කරනවා . ඒ වගේම “softlogic life” ආයතනයයේ සහ “Ceylan” ආයතනයයේ article කරනවා.මගේ පෞද්ගලික අදහසට අනුව නම්, ලොකු වාසනාවකට අඩිය තියන්න ලැබෙන ගොඩක් ලස්සන ක්ෂේත්‍රයක් මේක . මම හැම වෙලාවෙම උත්සාහ කරනවා මගේ හැකියාවන් , දක්ෂතාවයන් පුලුවන් තරම් දියුණු කරගන්න.
හංසිගේ ආදරණීය පවුල ගැනත් ටිකක් මතක් කරමු නේද ?
මගේ පවුලේ ඉන්නේ අම්මියි , තාත්තියි, නංගී,මල්ලී. මගේ සැමියා උෂාන්. ඔහු ව්‍යාපාරිකයෙක් . අපි දෙන්නා තමයි HK Beauty selection ව්‍යාපාරය කරගෙන යන්නේ. ඔහු තමයි ස්ව දෑතින්ම gift boxes නිර්මාණය කරන්නේ. අපි හරිම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. තාත්තා උප පොලිස් පරීක්ෂකවරයෙක්. නංගී උපාධිධාරීනියක්. ඇය මේ වන විටත් ozac fashion නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඇයගේ සැමියාත් ව්‍යාපාරිකයෙක් . මගේ මල්ලී කැමරා පද්ධති කාර්මික ශිල්පියෙක් වන අතර ඔහුගේ බිරිඳත් උපාධිධාරීනියක්. ඇය මේ වන විට ස්විඩන් රටේ සේවය කරනවා.
පාසල් කාලය ගැනත් මතක් කරන ගමන් කොහොමද අධ්‍යාපන ක්ෂේත්‍රයත් ජය ගත්තේ කියලා මතක් කරමු ?
හරිම සුන්දර පාසල් කාලයක් තමයි තිබුණේ . මගේ අදහස අනුව ආයෙත් යන්නට ඇත්නම් ඒ සුන්දර පාසල් කාලයට ගොඩක් සතුටුයි. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබුවේ ගා ශ්‍රී දේවානන්ද ජාතික පාසලේ. අ.පො.ස. උසස් පෙළ විභාගය කළේ අම්/ බණ්ඩාරනායක ජාතික පාසලේ. සරසවි අධ්‍යාපනය හැදෑරුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ . ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා උපාධියක් ලබා ගත්තා. ඒ වගේම ප්‍රාථමික ගුරු ඩිප්ලෝමාධාරිණියක්. සවුත්ගේට් ජාත්‍යන්තර පාසලේ සහ පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වසර ගණනක් සේවය කළා. ටියුෂන් කළා වසර 2 ක්. දහම් පාසලේ ගුරුවරියක් ලෙස වසර 5 ට වඩා අධික කාලයක් සේවය කළා. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ බෞද්ධ ධර්මාචර්‍ය විභාගය ඉහළින්ම සමත් වුණා. ලේඛකත්ව හා ජන සන්නිවේදන පිළිබඳ පශ්චාත් උපාධිය අපේක්ෂාවෙන් ඉන්නවා.
ඉදිරි බලාපොරොත්තු මොනවද ?
මගේ පුංචි ව්‍යාපාරය දියුණු කරගෙන, මාධ්‍ය ජීවිතයේ නව මාවත් ඔස්සේ මගේ හැකියාවන් දියුණු කරමින් පවුලේ හැමෝම සමඟ ආදරෙන් සිටිමින් මට හැකි මට්ටමෙන් හැමෝටම උදව් කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීම තමයි.