ඉ-සිගරට් වල ඇත්ත කතාව මෙන්න – දෙමාපියන්ගේ අවධානයට

අතිශයින් ඇබ්බැහි වන සුළු නිකොටින් අඩංගු නව ඉලෙක්ට්‍රොනික සිගරට් වර්ග කිහිපයක් මෙරට තරුණ තරුණියන් අතර ව්‍යාප්ත වෙමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
විදේශයන්ගෙන් ආනයනය කරන මෙම ඉලෙක්ට්‍රොනික සිගරට් විවිධ රස සහ සුවඳවලින් වෙළඳපොලින් මිලදී ගැනීමට හැකි අතර මේවා බහුතරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනයන් බවයි වාර්තා වන්නේ.
අහිතකර නිකොටින් සහ විවිධාකාර රසායන ද්‍රව්‍ය මෙම සිගරට් තුළ අන්තර්ගත බැවින් ඇබ්බැහි වීම් සහ ශරීරයට හානිකර තත්වයන් ඇති විය හැකි බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
තරුණ තරුණියන් අතර ඉතා වේගයෙන් ප්‍රචලිත වීම හේතුවෙන් පාසල් යන දරුවන්ද ඊට යොමු වීමට ඉඩකඩක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.
ඉ – සිගරට් භාවිතයේ අතුරු ආබාධ ලෙස හුස්ම ගැනීමේ අපහසුතා, පෙනහළු වලට හානි සිදු වීම, පිළිකා ඇති වීම ද සිදු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.