රන්දෙනිගල රක්ෂිතයේ දඩයමේ ගිය 4 ක් දැලේ

ඊයේ (24) උදෑසන මධ්‍යම වනජීවි කලාපයේ, කීර්තිබණ්ඩාරපුර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර හෂාන් රංදික හෙට්ටිආරච්චි මහාතාට ලැබුණු තොරතුරකට අනුව වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ අභය භූමියේ වැලිකඩ, මාරිල්ලාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරුවන් 4 දෙනෙකු සමග මරණ ලද ගෝනුන් හතරදෙනෙකු සහ මීමින්නකු සමග අත්අඩංගුවට ගැනීමට කීර්ති බණ්ඩාරපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන් ට හැකිව තිබෙනවා.

මෙම වැටලීමේදී සැකකරුවන් සමග මෙම වනජීවී අපරාධය සිදු කිරීමට යොදාගත් ත්‍රීවීලර් රථ දෙකක්, බෝර 12 ගිනි අවි තුනක් විදුලිපන්දමක්, සජීවී පතරොම් දෙකක්, පිහියක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇති වව සඳහන්.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button