සජීවී ලිංගික දර්ශන බෙදා හැරි යුවලක් මාට්ටු!

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ යුවලක් හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ කොට්ඨාසය මගින්.

වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් මොවුන් විසින් සජීවී ලිංගික දර්ශන බෙදා හැර ඇතැයි පොලීසිය පවසනවා.

අත්අඩංගුව⁣ට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 25 සහ 23 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය⁣ට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button