බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලය බිම

පවතින අධික වර්ෂාපතනය සහ සුළං තත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලය ගැලවී බිම ඇදවැටී තිබෙනවා.
ඒ, ඊයේ (22) සවස බම්බලපිටිය ආශ්‍රිත මුහුදු තීරයට බලපෑ සුළු ටෝනඩෝ තත්වයත් සමඟයි.
මේ අතර මීට වසරකට පමණ ඉහතදී හැමූ දැඩි සුළඟකින් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමෙි වහලය විනාශ වුවත්, බලධාරීන් මේ වන තෙක් එය ප්‍රතිසංස්කරණයට පියවර ගෙන නැතැයි දුම්රිය මගීන් චෝදනා කරනවා.