කඳ සුරිඳුන්ගේ ඇල්ම බැල්ම අපේක්ෂා රෝහලට – නව වාට්ටු සංකීර්ණයක්!

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් පරිත්‍යාගයක් ලෙස මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ඊයේ (21) සිදු කෙරුණා.
මේ සඳහා දේවාලයේ අරමුදලින් රුපියල් මිලියන 150 ක් ඒ වැය කෙරෙනු ඇති.
ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන අතර වාස්තු විද්‍යා සැළසුම්කරණය RAPA Chartered Architects ආයතනය විසින් නොමිලයේ සිදුකරනු ලබනවා.
දේවාලයේ අරමුදලට බැතිමතුන් විසින් ලබාදෙන මුදලින් මෙම ඉදිකිරීම් මාස 08 ක කාලයකින් නිමකිරීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.