මෙච්චර ඉක්මනට ගෙවයි කියලා හිතුවෙ නෑ – බංග්ලාදේශ අගමැතිනිය කියයි

දැඩි මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ණය මෙතරම් කෙටි කාලයකදී නැවත ගෙවනු ඇතැයි තමන් විශ්වාස නොකළ බව බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා පවසනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ නිව්යෝක් නුවරදී පැවති හමුවකදී.
ලබා ගත් ණය කඩිනමින් ගෙවා දැමීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකයේ ප්‍රගතියක් ළඟා කර ගෙන ඇති බව යැයි පැවසූ අගමැතිනිය, මෙම තත්වය නිසි ලෙස කළමනාකරණය කර ගෙන පවත්වාගෙන යාමෙන් සුබවාදී තත්වයක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට උදාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් කියා සිටියා.