මාතර මහින්දයෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍ය ගෙනාවේ 2015 ‘දැයට කිරුළ’ ඉලක්ක කරගෙනද?

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අතරතුර එහි සිවිලිමේ තිබී ගිනි අවියක්, පතරොම් සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා.
2014 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ එක් අදියරක් ලෙස 2015 වසරට අදාළ දැයට කිරුළ වැඩසටහනට මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ භූමි භාගයද යොදාගන්නට සැලසුම් කර තිබුණේ ජනතාවගේ දැඩි ඉල්ලීම් මතයි.
එම වැඩසටහනේදී ආරාධිත ප්‍රභූවරුන් ඉලක්ක කර කිසියම් ප්‍රහාරයක් දියත් කිරීම සඳහා කිසියම් කණ්ඩායමක සැලසුමක් තිබුණේදැයි සැක පළ කෙරෙනවා.
මේ අතර, පුපුරණ ද්‍රව්‍ය සොයාගත් ගොඩනැඟිල්ල කලක් තිස්සේ භාවිතයට නොගෙන වසා දමා තිබුණු බවයි වාර්තා වන්නේ.