ආසියානු කුසලාන අවසන් මහා තරඟය හෙට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (17) කොළඹ, ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආසියානු කුසලාන තරඟාවලි ඉතිහාසයේ පැවැති තරඟාවලි 15 න් 7 ක ජය ඉන්දියාව දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇති තරඟාවලි සංඛ්‍යාව 6 ක්.
අවසන් වරට 2022 වසරේ පැවැති තරඟාවලියේ ජය ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන් සතු කරගත්තා.